Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
  • කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 11
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ලංකාවට රිදෙන්න ගසා රූට් එංගලන්ත ඉනිම ගොඩ දමයි
Sports 4 Views

ලංකාවට රිදෙන්න ගසා රූට් එංගලන්ත ඉනිම ගොඩ දමයි

Buzzer EditorialBy Buzzer EditorialAugust 30, 2024No Comments4 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කාසියේ වාසිය දිනාගත් ධනංජය ද සිල්වා ලෝඩ්ස් පිටියම මවිත කරමින් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් පළමු හෝරාවේදීම තම අරමුණ සාක්ෂාත් කරගත්තේය. එතැනින් නොනැවතුණු ශ්‍රී ලංකා නායකයා දිවා ආහාරයට පෙර යැවුණු ඕවර 24 කදී ලකුණු 97 කට එංගලන්තයේ කඩුලු 3 ක් බිම දමාගෙන තිබුණද, සිය පිතිහරඹ සංදර්ශනය නතර නොකළ ජෝ රූට් ශ්‍රී ලංකාවට එරෙහිව පස්වැනි ටෙස්ට් ශතකයත් සම්පූර්ණ කළේය. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (29 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 358 ක් ලබා සිටියේය. 

එංගලන්ත ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ජෝ රූට්, අද ලබාගත්තේ සිය 33 වැනි ටෙස්ට් ශතකයයි. එය එංගලන්ත පිතිකරුවකු විසින් ලබාගෙන තිබූ වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවේ (33) වාර්තාව හිමි ඇලිස්ටෙයාර් කුක් හා ජෝ රූට් ද සමසුන් ගත්තේය. ටෙස්ට් තරග 145 කදී ලකුණු 12,274 ක් ලබා සිටින ජෝ රූට් එංගලන්තය වෙනුවෙන් දෙවැනි වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලබාගත් පිතිකරුවා ද වෙයි. එංගලන්තය වෙනුවෙන් ජෝ රූට්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ටෙස්ට් තරග 161 කදී ලකුණු 12,472 ක් ලබාගත් ශ්‍රීමත් ඇලිස්ටෙයාර් කුක් පමණි. 

මෙවර එංගලන්ත ගිම්හානයේදී ටෙස්ට් පිතිකරුවකු ලෙසින් විශිෂ්ට දස්කම් දක්වා ඇති ජෝ රූට් බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් හමුවේ ඉනිම 7 කදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 538 කි. එම ඉනිම 7 දී රූට්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 68, 14, 122, 87, 42, නොදැවී 62 සහ 143 ක් ලෙසිනි. 

දිනයේ නිමාව ආසන්න වෙමින් තිබියදී මිලාන් රත්නායකගේ පන්දුවකට ගැසූ ස්කූප් පහරක් වැරදී යාමෙන් ජෝ රූට්ට කඩුල්ල අහිමි විය. 

දිනයේ තේ පානය වන තුරුත් හොඳින් පන්දු යවමින් සිටි ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ තේ පානයෙන් පසුව දුර්වල වූහ. තරගයේ පළමු සැසි දෙකේදී ලකුණු 97 ක් සහ 103 ක් ලබාගත් එංගලන්ත පිතිකරුවෝ තේ පානයෙන් පසුව ලකුණු 158 ක් ලබාගත්හ. විශේෂයෙන්ම තේ පානයට පෙර කඩුලු 5 ක් දවාගත් පන්දු යවන්නන්ට තේ පානයෙන් පසුව දවාගත හැකිවූයේ කඩුලු 2 ක් පමණි. ඒ අතරවාරයේදී ගස් ඇට්කින්සන් සහ ජෝ රූට් එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක් ද ඇට්කින්සන් සහ මැතිව් පොට්ස් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක ද සම්බන්ධතා ගොඩනැංවූහ. 

ශ්‍රී ලංකාවේ එකම දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය ඉතාමත් අගනා පන්දු යැවීමක නිරත වූ නමුත් කඩුලු දවාගැනීමේ වාසනාවක් ඔහුට නොතිබිණ. ඇතැම් විට අනෙක් අන්තයෙන් හොඳ දඟ පන්දු යවන්නකුගේ පීඩනය ලැබුණා නම් දෙදෙනාගෙන් කවරකුට හෝ කඩුලු දවාගැනීමේ අවස්ථාව තිබිණ. 

80 වැනි ඕවරය ආරම්භ වීමත් සමගින් ලබාගත් දෙවැනි නව පන්දුව ශ්‍රී ලාංකිකයන්ට තවත් අවාසි ගෙන ආවේ එයින් යැවුණු ඕවර 8 දී ලකුණු 43 ක් ගලා ආ බැවිනි. 

පළමුවෙන් පන්දු යැවීමට ධනංජය ගත් තීරණයේ විමතියට ප්‍රධාන කාරණාව වූයේ කාසියේ වාසිය උරගා බලන විටත් ලෝඩ්ස් ක්‍රීඩාංගණය දැඩි හිරු රැසින් නැහැවෙමින් තිබීමයි. එසේ වුවත් දියා ආහාරය වන විට ඔහු තම අවශ්‍යාතාව ඉටුකරගෙන සිටියේය.  

“තරගයේ පළමු පැයක කාලයේදී පන්දුව කොහොමටත් දෝලනය වෙනවා. අපිට තරගය දිනන්න නම් කඩුලු 20 ක් ඕනෑ වෙන නිසා ළහිරුත් කණ්ඩායමට එකතු වෙන එක හොඳයි” යයි පළමුව පන්දු යැවීමට තීරණය කිරීමෙන් පසු ධනංජය පැවසීය. 

එංගලන්ත නායක ඔලී පෝප් කීවේ පළමුවෙන් පන්දුවට පහරදීමට ලැබීම පිළිබඳව තමන් සතුටට පත්ව සිටින බවකි. 
පළමු ඕවර 6 නිමාවේදී එංගලන්ත ලකුණු පුවරුව කියැවුණේ කිසිවකු නොදැවී 30 ක් ලෙස නමුත් සිය මුල්ම ඕවරයේදී ඩැනියෙල් ලෝරන්ස් පිටියෙන් ඉවත් කිරීමට ළහිරු කුමාර සමත් විය. මිලාන් රත්නායකට පහසුවෙන් මුහුණ දෙමින් සිටි ලෝරන්ස්, අලුතෙන් පැමිණි ළහිරු කුමාර හමුවේත් ඩ්‍රයිව් පහරකට උත්සාහ කළද, ප්‍රතිඵලය වූයේ කඩුලු රකින්නා වූ නිශාන් මධුෂ්කට පහසු උඩපන්දුවක් ලැබීමයි. 

නායකයා වූවත්, පිත්තෙන් එතරම් සාර්ථක නොවූ ඔලී පෝප් පුල් පහරකට උත්සාහ කළේය. එහෙත් ස්ක්වෙයාර් ලෙග්හි සිටි ධනංජයට පහසු උඩපන්දුවක් දුන් පෝප්, පළමු හෝරාවේදීම දැවී ගියේ දෙවැනි කඩුල්ලත් ශ්‍රී ලංකා නායකයාට තිළිණ කරමිනි. 

අනාදිමත් කාලයක සිටම පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙසින් සැලකෙන ලෝඩ්ස් පිටියේදී කාසියේ වාසිය දිනාගන්නා නායකයකු වේ නම් ඔහුගේ පහසු තීරණය වන්නේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් මුල් ඉනිමේදී විශාල ලකුණු සංඛ්‍යාවක් එක්රැස් කරගැනීමයි. එහෙත් අද (29 වැනිදා) ධනංජය ගතතේ ඊට හාත්පසින්ම පටහැණි තීරණයකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායකයා තම තීරණය වෙනුවෙන් නිර්භයව පෙනී සිටිමින්, ඉතාමත් ශූර ලෙස පන්දු යවන්නන් එහා මෙහා කළේය. 

පළමු ඕවර 18 ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරබෙදී ගොස් තිබුණේ මිලාන් රත්නායක (7 යි), ළහිරු කුමාර (6 යි) සහ අසිත ප්‍රනාන්දු (5 යි) වශයෙනි. පන්දු යවන්නන් තිදෙනාම සතුව ජවය ඉතිරි වී තිබුණත් 19 වැනි ඕවරය යැවීමට සිය එකම දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය කැඳවූ ධනංජයට තවත් කඩුල්ලක් ලැබිණ. හොඳින් පන්දුව දකිමින් සිටි බෙන් ඩකට්, පමණට වැඩි විශ්වාසය හේතුවෙන්, ජයසූරියගේ සිව්වැනි පන්දුවට ගැසූ රිවර්ස් ස්වීප් පහරින් ඉගිළුණු පන්දුව ඩීප් පොයින්ට් හි සිටි ළහිරු කුමාර විසින් සුරැකිව රැකගන්නා ලදි. 

ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායමක් මුල්ම වතාවට ලෝඩ්ස් පිටියට පිවිසි 1984 දී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ඩේවිඩ් ගවර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ඒ වන විට ලෝඩ්ස් පිටියට ඉහළින් තිබූ අහස එහෙම පිටින්ම වළාකුළු වලින් වැසී දැඩි අන්ධකාර තත්ත්වයක් පැවැති බැවිනි. එදා තරගයේදී දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2 ක් ලකුණු 43 කට බිඳ වැටුණු නමුත් දිවා ආහාරයෙන් පසුව දැඩි හිරු රැස් ක්‍රීඩාංගණයට පතිත විය. අනතුරුව 1984 ශ්‍රී ලංකා මුල් ඉනිම නිමාවූයේ කඩුලු 7 ට ලකුණු 491 ක් ලෙසිනි. සිදත් වෙත්තමුණි (190) සහ දුලිප් මෙන්ඩිස් (111) ශතක ලබාගත්හ. 

featured News pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන්ගේ පාපෝච්චාරණය
Next Article දුලිප් සමරවීරට ඔස්ට්‍රේලියාවේදී ලෙඩක්
Buzzer Editorial

Related Posts

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ

June 10, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 10, 20263 Views

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

By Buzzer EditorialJune 10, 202603 Views

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත…

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට

June 10, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
  • කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.