Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
  • කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 11
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සජිත්ගෙන් “සැමට ජයක්”
Politics 1 Views

සජිත්ගෙන් “සැමට ජයක්”

Buzzer EditorialBy Buzzer EditorialAugust 29, 2024No Comments4 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙළගැස්ම ප්‍රධාන කොටස් 5ක් යටතේ කරුණු ගොනු කර තිබේ.

ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීය.

සැප්තැම්බර් 04 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පහතින් දැක්වෙයි.

  1. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම
  2. සෑම පුරවැසියෙකුම බලගැන්වීම
  3. රාජ්‍ය සේවය නංවාලීම
  4. ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම
  5. රාජ්‍ය ආරක්ෂාව

ණය අර්බුදය කළමනාකරණය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ප්‍රකාර රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින් ආදායම්, ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ ණය ආශ්‍රිත ඉලක්ක සපුරාලීම සඳහා දුෂ්කර නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු නොකඩවා සිදු කරන්නෙමු. 

කාන්තාවන් සහ ළමුන් සවිබලගැන්වීම…

සෑම ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය කෙරෙන පරිදි දිවා සුරැකුම් මධ්‍යස්ථාන.

සේවා බළකාය තුළ වඩා ඉහළ කාන්තා සහභාගීත්වයක් සඳහා අවශ්‍ය දිරිමත් කරවීම් සිදු කෙරේ.

මාතෘත්ව නිවාඩු පිරිවැය රජය විසින් දරනු ඇත.

සෑම පොලිස් ස්ථානයකම ඇති කාන්තා හා ළමා කාර්යාංශ පැය 24 පුරාම විවෘතව තබනු ඇත.

ක්ෂුද්‍ර ණය ආයතන නියාමනය බලගැන්වෙනු ඇත.

අනවසර ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර වසා දමනු ඇති අතර ඒවාට වගකිව යුත්තන් සම්බන්ධයෙන් දණ්ඩන ක‍්‍රියාමාර්ග කඩිනම් කෙරෙනු ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා සහාය වැඩසටහනක්.

සේවක අර්ථසාධක අරමුදල/ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හරහා සනාථ කෙරෙන පරිදි 50% ඉක්මවා කාන්තාවන් සේවා නියුත්ක කෙරෙන තෝරාගත් අංශයන්හි සමාගම් වෙත බදු ප‍්‍රතිලාභ ලබාදෙනු ඇත.

රාජ්‍ය සේවය…

සමස්ත රාජ්‍ය සේවයම ප‍්‍රතිසංවිධානය කිරීම.

රාජ්‍ය සේවයේ සියලුම බඳවා ගැනීම්, පත්කිරීම් සහ අනුයුක්තකිරීම් කුසලතා මත පදනම්ව සිදු කෙරේ.

රාජ්‍ය අංශයේ මාසික ජීවන වියදම් දීමනාව දැනට ලබාදෙන රු. 17,800 සීමාවේ සිට රු. 25,000ක අවමයක් දක්වා ඉහළ නංවනු ඇත.

රජයේ සේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැංවීම

රාජ්‍ය සේවය සඳහා අදාළවන අවම මූලික මාසික වැටුප (දැනට ශ්‍රේණි සඳහා අදාළ අනුපාතයන් මත පදනම්ව) 24%කින් ඉහළ නැංවෙනු ඇත.

රාජ්‍ය සේවයේ අවම දළ වැටුප රු. 57,500ක් වනු ඇත.

2016 සිට බඳවා ගත් සියලුම රජයේ සේවකයින්ට විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග‍්‍රහය අනුව ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප් ලබාදීමට යෝජනා කරමු.

දැනට සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන නිලධාරීන්ට රැකියා වෙ‍‍ළෙඳපොළ තුළ තරඟකාරීව රැකියා අවස්ථා සොයා ගැනීමට හැකියාව ලැබෙන පරිදි සුදුසු වෘත්තීය පුහුණුවීම් ලබා ගැනීමට රජයේ අනුග‍්‍රහය ලබා දෙනු ඇත.

නිවාස හා පොදු පහසුකම්…

අඩු ආදායම්ලාභි සහ මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක‍්‍රම ඉදිකිරීම සඳහා රජය සතු ඉඩම් ලබාදෙනු ඇත.

විවිධාංගීකරණය වූ නිවාස යෝජනා ක‍්‍රමය තුළ ග‍්‍රාමීය, නාගරික, කඳුරට, ආපදාවන්ගෙන් බලපෑමට ලක්වූ පළාත් සහ ධීවර ප‍්‍රජාවන් ප‍්‍රමුඛතාගත කෙරෙනු ඇත.

ඉදිකිරීම අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇති අධික බදු ඉවත් කර ඉදිකිරීම් වියදම අඩු කෙරේ.

සිය පළමු නිවාස ඒකකය මිලදී ගනු ලබන හෝ නිවාස ඉදිකිරීම සඳහා පළමු ඉඩම් කට්ටිය මිලදී ගනු ලබන කුටුම්භයන් සඳහා අවම පොළියට දිගු කාලීන ගෙවුම් විකල්ප මත විශේෂ නිවාස ණය යෝජනා ක‍්‍රමයක්. (දෙ-පරපුරු ණය -Two Generation Loan)

විදෙස්ගත ශ‍්‍රමිකයන් සහ සේවා නියුක්තිය…

විදෙස්ගත සේවා නියුක්තිකයන් සඳහා වූ නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය සම්බන්ධයෙන් බදු නිදහස් වැඩසටහනක් රජය විසින් ක‍්‍රියාත්මක කරනු ඇත.

විදේශ ප්‍රේෂණ මත පදනම්ව විදුලි වාහන සඳහා වාහන බලපත‍්‍ර නිකුත් කිරීමට නව ක‍්‍රමවේදයක්.

විදේශගත ශ‍්‍රමිකයින්ට විදේශයන්හි සිට ඡන්දය ප‍්‍රකාශ කිරීමට හැකි වන පරිදි මැතිවරණ නීතිය සංශෝධනය කරනු ලැබේ.

පෞද්ගලික අංශයේ සියලු සේවා නියුක්තිකයන්ට දායකත්ව රක්ෂණාවරණ ක‍්‍රමයක් සහ විශේෂ නිවාස වැඩසටහනක් ක‍්‍රියාවට නංවනු ඇත.

ගෘහ සේවය නියාමනය කිරීම සඳහා නීති පැනවීම.

නීතිය හා සාමය…

පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 (1) (ඇ) වගන්තිය ප‍්‍රකාරව විධිමත් ලෙස බලය පවරන ලද පරීක්ෂණ
කොමිෂන් සභාවක් මාස 3ක් තුළ පිහිටුවනු ඇත.

එම කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පාස්කු ඉරුදින ප‍්‍රහාරය සඳහා වගකිව යුතු අපරාධකරුවන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණයක් මගින් දිනපතා නඩු විභාග කර දඬුවම් ලබා දීම
රජයේ ප‍්‍රමුඛ වගකීමක් ලෙස සළකනු ලැබේ.

දැනට හඳුන්වාදී තිබෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර  ත‍්‍රස්තවාදය වැළැක්වීමේ නව නීතියක් ස්ථාපිත කරනු ඇත.

වෛරී ප‍්‍රකාශ පැතිරීම වැළැක්වීමට අවශ්‍ය නීති යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීමට රජය කැපවී සිටී.

වසර 5ක් ඇතුළත අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය
කෙරෙනු ඇත.

පුරවැසියන් වෙත සෑම වර්ගයකම නඩු සඳහා නීති ආධාර ලබා දීම තහවුරු කෙරේ.

දේශපාලනික හේතු මත ඉල්ලා අස්කරගෙන ඇති අපරාධ නඩු නව රජය බලයට පත්වී මාස 03ක් ඇතුළත නැවත පැවරීමට කටයුතු කරනු ඇත.

ආර්ථික අර්බුදයෙන් අසාධාරණයට ලක්වූ පුද්ගලයන්ට ඉදිරියටත් එම අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ගෙන් වන්දි ලබා ගැනීමට හැකිවන පරිදි අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සහාය ලබා දෙනු ඇත. 

අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ තාරුණ්‍යය…

රජය ශ‍්‍රී ලංකාව පුරා සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප‍්‍රවාහන පහසුකම් සපයනු ඇත.

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වැටුප්, විශ‍්‍රාම වැටුප් සහ සේවා ගැටලු විසඳීම සඳහා 2025 ජනවාරි මාසයට පෙර ප‍්‍රතිපත්තිමය තීරණ ගනිමින් ක‍්‍රියාකාරී සැලැස්මක්

සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කිරීම සඳහා මාර්ග සිතියමක්

සම්පූර්ණ විසිතර පහතින් දැක්වෙයි.

Samata Jayak Sajith Manifesto Sinhala by poornima on Scribd

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමහේල ලෝඩ්ස් ඉතිහාසයට එක්වෙයි
Next Article ත්‍රිවිධ හමුදා ආහාර සලාක දීමනාවේ වෙනසක්
Buzzer Editorial

Related Posts

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

June 10, 2026

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ

June 10, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 10, 20262 Views

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්

By Buzzer EditorialJune 10, 202602 Views

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත…

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

June 10, 2026

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට

June 10, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
  • සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
  • දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට
  • කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කෙරේ
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.