Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය එංගලන්තයට
Sports 3 Views

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය එංගලන්තයට

Buzzer EditorialBy Buzzer EditorialAugust 25, 2024No Comments4 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ලකුණු 204 ක් ආරක්‍ෂාකර ගැනීමේ අභියෝගයකට මුහුණ දුන් නමුත් ධෛර්ය සම්පන්නව සිය අරමුණ කරා ඇදුණු ශ්‍රී ලංකා කණ්ඩායම, මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (24 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 3 ක් බිම දමාගෙන තිබිණ. එහෙත් තේ පානයෙන් පසුව තරගයේ වාසිය තමන්ගෙන් ගිළිහී යාමට නොදුන් ජෝ රූට් (නොදැවී 62) සහ ජැමී ස්මිත් (39) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් එංගලන්තය කඩුලු 5 ක පහසු ජයක් කරා කැඳවාගෙන ගියහ. 

තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ලබාගත් මෙම ජයග්‍රහණයත් සමගින් එංගලන්තය තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. 

තරගය පරාජය වූ නමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ සිටින කණ්ඩායමක ගෙමිදුලට ගොසින් ඔවුන් හා කරට කර සටනක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රීඩයන්ට තමන් ගැන සෑහීමට පත්වීමට ඕනෑ තරම් කරුණු කාරණා තිබිණ. 

තරගය ආරම්භයේදීම ලකුණු 06 කට කඩුලු 3 ක් අහිමි කරගත් ශ්‍රී ලාංකිකයෝ මුල් ඉනිමේදී ලකුණු 122 ක අවාසියකට මුහුණ දුන්හ. එහෙත් දෙවැනි ඉනිමේදී කළ ධෛර්ය සම්පන්න පිතිහරඹයකට පසුව එංගලන්තයට දුන්නේ ලකුණු 205 ක ඉලක්කයකි. 

ඒ කරාත් පහසුවෙන් යාමට අවසර නොදුන් ඔව්හු එංගලන්ත පිතිකරුවන්ගේ නළලත රැළි නැංවූ නමුත් ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර අංක 1 හිමි ජෝෂප් එඞ්වඞ් රූට් (ජෝ රූට්) තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් කෙරේ ඔහු දක්වන සුවිශේෂී ලැදියාව තවදුරටත් තහවුරු කරමිනි. 

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 11 ක ඉනිම 20 කදී ජෝ රූට් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 1,104 ක් වන අතර ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ඔහුගේ ඉනිමක සාමාන්‍යය 60.61 කි. ටෙස්ට් ලකුණු 12,131 කට හිමිකම් කියන ජෝ රූට් අද ලබාගත්තේ ඔහුගේ 64 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. 

තේ පානයට පෙර ප්‍රභාත් ජයසූරිය (36/1) සහ මිලාන් රත්නායක (18/1) හොඳ පන්දු යැවීමක නිරතව සිටි අතරම එංගලන්තයේ සිටින හොඳම පිතිකරුවන් දෙදෙනා වන ජෝ රූට් (නොදැවී 13) සහ හැරී බෲක් (නොදැවී 06) ඉතාමත් පරෙස්සමෙන් පන්දුවට පහර දෙමින් සිටියහ. ඒ වන විට තරගයේ වාසිය වරින් වර දෙපිලටම එබිකම් කරමින් දෙපිල අතර සමාන්තර රේඛාවක ගමන් කළ නමුත් හැරී බෲක්ගේ දැවීයාමෙන් පසුව එක්වූ රූට් සහ ජැමී ස්මිත් දෙදෙනා  එය තමන් වෙත ඇද බැඳ තබාගත්හ. 

ජයග්‍රහණය අත පොවන මානයේ තිබියදී ජැමී ස්මිත් දැවී ගිය නමුත් මුල් ඉනිමේදී ශතකයක් (111) ලබාගනිමින් එංගලන්තය පෙරමුණට ගෙනා ක්‍රීඩකයා ඔහුම විය. 

මොහොතින් මොහොත එංගලන්තයේ ජයග්‍රහණය ප්‍රමාද කරමින්, ඔවුන්ව පසුපසට තල්ලු කළ කමිඳු මෙන්ඩිස් (113) සහ දිනේෂ් චන්දිමාල් (79) දෙදෙනා, දෙවැනි ඉනිමේදී ලකුණු 326 ක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. ඊයේ සවස රෝහලේ සිට පැමිණ පිතිහරඹයට එක්වූ දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් අතර හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 117 ක් තරම් දීර්ඝ විය. 

ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඊයේ එකතු කළ ලකුණු 78 ක සම්බන්ධතාවට පින්සිදු වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ දිනය නිමාවන විට ලකුණු 82 කින් ඉදිරියට පැමිණියහ. එතැන් සිට ඉදිරියට ගිය කමිඳු මෙන්ඩිස් සහ චන්දිමාල් දෙදෙනා අද දහවල් 12.25 ට පමණ වර්ෂාව ඇද වැටෙන විට තරගයේ වාසිය නැවතත් ශ්‍රී ලංකා පිල වෙත ඇදගනිමින් සිටියහ. වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වීමෙන් පසුව සිය ශතකය සම්පූර්ණ කළ කමිඳු මෙන්ඩිස් ඕල්ඞ් ට්‍රැෆර්ඞ් පිටියේදී ශතකයක් ලබාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්විය. 

තම සිව්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින කමිඳු මෙන්ඩිස් එම තරග හතරේදී සිව් වතාවක්ම ලකුණු 50 කඩඉම පසුකර ගොස් තිබේ. ඒවායින් 3 ක් ශතක බවට පරිවර්තනය කර තිබේ. මුහුණ දුන් 167 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කළ මෙන්ඩිස්ගේ අපරාජිත ඉනිම හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් අලංකෘත විය. පන්දු 94 කින් 4 ක් පමණක් හතරේ සීමාවට යැවූවද, දිනේෂ් චන්දිමාල්ගේ නැංගුරමක් වන් ඉනිම කමිඳු මෙන්ඩිස්ට කදිම ආධාරකයක් විය. 

කමිඳු මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසුව පැමිණි ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාම එක ලකුණක් ඇතුළත දැවී ගියෙන් චන්දිමාල්ට තරමක චණ්ඩිපහේ පිතිහරඹයක යෙදෙන්නට සිදුවිය. පන්දු 119 කට පසුව චන්දිමාල් දැවී යන විට ඔහුගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය. 

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරාජකීය ගුරුවරයා මඩකලපුවේ දී රනිල් සොයා එයි
Next Article බදු නොගෙවූ අයගේ බැංකු ගිණුම් 900කට බඩුම තමයි
Buzzer Editorial

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.