Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ
  • ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී දැනුවත් කරලා – ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » එයාලාට ඒක ලැබුණ හැටි ⁣සහ මෙයාලා මේක ගත්ත හැටි “ලකා” ලියයි
News 8 Views

එයාලාට ඒක ලැබුණ හැටි ⁣සහ මෙයාලා මේක ගත්ත හැටි “ලකා” ලියයි

Buzzer EditorialBy Buzzer EditorialAugust 15, 2024No Comments4 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

හැම පක්ෂයක්ම තම ලකුණ ​එම පක්සයේ දේශපාලන හැසිරීමේ කැඩපතකි.

එජාපයේ නිල ලකුණ දළකුඩා ඇතෙකි. ඒ උණාට එයාලා හැමදාම තරඟ වැදු​නේ ඒකට ‘අලියා ලකුණ’ කියා​ගෙනය. ඇත්තටම බැලුවොත් ඒ පක්ෂය ඇත්තුන්ගේය. නමුත් චන්දය අලින්ගේය. ඇතා යනු අලි ගැන්සිවල ගාම්භීර වලව් පුතාය. අලියා එහෙම නැත. ඌ නිකං අපි වගේම උලාකන එකෙකි. කරඬුව කවදාවත් අලියෙක් ගෙනියන්නේ නැතිවා මෙන්ම ඇත්තු කොට අදින්නේත් නැත. ඉතිං සාමාන්‍ය මිනිහා නම් ගොං අලින් දක්කා ඇත්තටම චන්දය ගත්තේ යූ ඇන්පියේ ඇතුලේ උන්නු ඇත්තුය. ගේම ගැහුවේත් සැප ගත්තේත් අලි නොවේ ඇත්තුය…. දන්නෝ දනිති…

චන්ද්‍රිකාගේ තාත්තාගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ලකුණ අතය. ඒ පක්සේ දිගටම තිබුණේ එයාලගේ ‘අතේය’. බණ්ඩාරනායකගෙන් සිරිමාවෝගේ අතටත්, සිරිමාවෝගෙන් අනුරගේ අතට බාගෙටත්, අනුරගෙ බාගෙන් චන්ද්‍රිකාගේ අතටත් ලෙස පක්සේ දිගටම තිබුණේ එයාලගේ අතේය. දැන් එයාලා නැතිනිසා ඒක කාගේ ‘අතට’ ගියත් වැඩක් නැත. හේතුව ඒ පක්සේ හදලා තියෙන්නෙම එයාලගේ අතේ තියෙන්නටය….

චන්ද්‍රිකා ශ්‍රීලංකා එක අතට අරගෙන ඒකෙන් 1994 දී අනෙක් පක්ෂත් එකතුකරගෙන හැදුවේ පොදුජන එක්සත් පෙරමුණයි. ඒකේ ලකුණ පුටුවයි. පක්ෂ ගාණක් එක්ව හදාගත් පුටුව පක්සේ හෙණම පොලිටිකල් අයිරොනියකි. හේතුව පුටුව රැකගන්නවා ඇර ඒ පක්සේ අවුරුදු එකොළහක් කළ කිසිම බිබික්කමක් මේ රටේ ​පේන්නට නැත. ඩීඇස්ලා නිදහස ගත් අතර, බණ්ඩාරනායක සිංහල රාජ්‍ය බාසාව කලේය. සිරිමාවෝ ජනසතු ව්‍යාපාරයත්, වැරදුණ නමුත් ප්‍රබල ආර්ථික සීමාකිරීම මඟින් ස්ථාවර ආර්ථියකයක් ඇතිකිරීමටත් උත්සාහ කලේය. ජේ ආර් විවෘත ආර්තිකයත් විධායකයත් ගෙනා අතර ප්‍රේමදාස ගම්උදාව සහ ජනසවිය මෙන්ම ඇඟලුම් ව්‍යාපර ආදිය හරහා ගැමි ජනයාගේ ආර්ථිකය ශක්තිමත් කලේය. ජ.වි.පෙ බිහිසුණු ලෙස මර්ධනය කලේය. ඒ හැම එකාම මොකක් හෝ මතක තියන වැඩක් කර ඇතිනමුත් චන්ද්‍රිකා අවුරුදු 11 ක්ම කලේ ‘පුටුව’ රැක ගැනීම පමණමය.

ජ.වි.පෙ ලකුණ සීනුව වූ අතර නිහඬව ගොඩනැගිය යුතු පක්ෂයක් සීනුවක් මෙන් හඬනැගීම නිසා 71ත්‍, 99/89 ත් සිදුවූ විනාසය මම ඔබට කිවයුතු නැත. එතැනින් නොනැවතුණ ඔවනු 1994 චන්ද්‍රිකාට ලාවට සීනු හැඬවූ අතර 2004 නැවත චන්ද්‍රිකාටත්, ඉන්පසු මහින්දටත්, රනිල්ටත් ලෙස දිගටම සීනු හැඬවීය. ඇත්තෙන්ම විජේවීරගෙන් පසුව සීනුව දිගටම කලේ එක එකාට සීනු හැඬවීම විතරය…

ඔය අතර චන්ද්‍රිකාලා 2015 නැවතත් පක්සය ‘අතට’ ගත් නිසා මහින්දලා නෙළුම් පොහොට්ටුව ලකුණට දාගෙන අළුත් පක්සයක් හදාගත්තේය. හරියටම හරිය… ඒක හැමදාම පොහොට්ටුවමය. 2019 පැය කීපයකට පිපුණ අතර අන්තිම පෙතිටික දිගෑරෙන්ටත් කලිංම හැමණුනේය. දැන් ඒක ආයෙම පෙති ඇකිලී පොහොට්ටුව විදියටම ඇත. ඕක තව අවුරුදු ගාණකටවත් පිපේ යයි කියන්නට බැරිය.

අවුරුදු හැත්තෑ ගාණක් ලංකවට ඇතා වහලා අලියා ගහපු පක්සෙන් එළියට බැස්ස සජිත් මහත්තයා තෝරා ගත්තේ පරණ ටෙලිපෝන් ලකුණකි. අඩුම ඉස්මාට් ​​​ටැලිපෝන් එකක්වත් නොවේය. දැනට ‘භාවිතයේ නැති’ අංක කරකවන ටැලිපෝන් එකකි. අවස්තා ගාණකදී විවිධ අංක වලට ඩයල් කළත් තවම රිංග් උණේ නං නැත. හේතුව දැන් මේ වයර් ගහගෙන අංක කරකාගෙන කෝල් ගන්නා සිරිතක් නැති නිසාය. 2022 දවසක එතුමාගේ ෆෝන් එක රිංග් උණා කියලා කියන නමුත් එතුමා කෝල් එක ගැනීම ප්‍රතික්සේප කළායැයි කියවේ… මේ ඉස්මාට් ටැලිපෝන් යුගයේ ඕක රිංග් උණොත් මටනං පුදුමය….

ඊළඟට එක එකාට සීනු හඬවා හෙම්බත් වූ ජ.වි.පෙ තවත් ලිබරල් කණ්ඩායම් වටකරගෙන මාලිමාව ලකුණෙන් පක්සයක් හැදුවේය. ඕකත් එක එකාගේ නැව්වලට පාර පෙන්නයි කියලා හිතුණ නමුත් දැන්නං තමන්ට පාර හොයාගෙන යන බවක් පෙනෙයි. එකම දේ මාලිමාව යනු උතුර පෙන්වීමට පමණක් තියන එකක්ය කියා මාලිමාවේම සමහර එවුං හිතාගෙන ඉන්න එකය. මාලිමාව යනු සියළුම දිශා පෙන්වන්නකි. උතුර දක්වන්නේ ඒ උදව්වෙන් අනික්වා අඳුනාගැනීමට කියා ‘මාලිමාවේ’ සමහර එවුන් ඉක්මනින්ම තේරුම් ගත යුතුය…

ඉතිං අන්තිම සටනට පිටියට එන දළඇතු රනිල්ගේ මෙවර ලකුණ ලෙස ඇත්තේ ‘ගෑස් ටැංකියයි’. එතුමාගේ සමස්ත ජීවිතය මෙහි ඇත. 1994 බලයට පත්වූ වහාම චන්ද්‍රිකා ‘බටලන්ද කොමිසම’ අටවා රනිල්ට ගෑස් පෙන්නන්ට පටන් ගත්තේය. ඉන්පසු 2002 යන්තම් චන්දයක් දිනා අගමැති වූ නමුත් දිගටම සිදුවූයේ එකල ජනාධිපති චන්ද්‍රිකාගේ ගෑස් බැලීමටයි. අමාත්‍යංශ තුනක් පවරාගෙන ඇය නැවත රනින්ලට ගෑස් පෙන්නූ අතර 2005 මහින්ද ජනපති වූයේය. ඉන්පසු අවුරුදු දහයක් මහින්දගේද, ජාතික පොරවල්ලාගේද එතුමා ගෑස් බැලුවේය. 2015 යන්තම් බලය ගත් අතර ගත්තු දා ඉඳලම මෛත්‍රීපාලගේ ගෑස් බැලුවේය. අන්තිමේදී අගමැතිකමත් උදුරා මහින්දට දී මෛත්‍රී රනිල්ට ගෑස් පෙන්නුවේය. ඊටපස්සේ සජිත් ගෑස් පෙන්නා 2019 ජනාධිපති අපෙක්සකකම ගත් අතර පැරදුණ පසුව පක්සය කඩාගෙන වෙන පක්සෙකට ගොස් එතුමාණෝ තනී මන්ත්‍රීකමකට බස්සා ගෑස් පෙන්නුවේය. ඔය අතර රටට ගෑස් නැතිවූ අතර එතුමාණෝ තමන්ට ගෑස් පෙන්නූ එවුංට ගෑස් ගෙනත් දෙන්නට ආවේය. ඒ ආවත් පොහොට්ටුවේ එවුංගේ ගෑස් බලමින් ජනාධිපතිකම කරන්නට වීය. ඉතිං හැමදාම මේ මනුෂ්‍යාට එක එකාගේ ගෑස් බලනවා ඇර වෙන කිසිම දෙයක් කරගන්නට බැරිවුණේය…

අවසානයේ එතුමා ගෑස් ටැංකියම දයිවෝපගතව තම අවසන් සටනේ ලකුණ ලෙස තෝරාගත්තේය. හෝ මොකෙක් හරි තෝරාදුන්නේය. ඒ තෝරාගත් දවසේ පවා සජිත් අතට අත නොදී එතුමාට ගෑස් පෙන්නුවේය…

ඉතිං ලොකුසර්,
මේ පාරත් බොහෝවිට අනුරයා‍‍, නැත්තං සජියාවත් ඔබට චන්ද ප්‍රතිපල වලින් ගෑස් පෙන්නාවි යයි මටනං සෑහෙන්න සුවර්ය… ඉන්පසුවවත් එක එකාගේ ‘ගෑස්’ නොබලා විවේකීව විශ්‍රාම සුවයෙන් ඉන්නට මේ ගෑස් ටැංකිය ඔබට ශක්‍තියක්ම වේවා…

ලක්මාල් ධර්මරත්න

featured Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleජනපති ඡන්දෙට එන රටට ආදරේම කට්ටිය මෙන්න
Next Article ස්වීඩනයෙන් පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි
Buzzer Editorial

Related Posts

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026

විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20261 Views

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

By Buzzer EditorialJuly 22, 202601 Views

නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසලදී…

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026

විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ
  • ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී දැනුවත් කරලා – ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.