By
සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උඩරට හා පහතරට වතු ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ගිවිසුමකට අත්සන් කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා උඩරට, පහතරට වතුකරය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, එම්. උදයකුමාර ඇතුළු ජනතා නියෝජිතයින් විපක්ෂ නායක කාර්යාලයේදී අද (අගෝ 12) මෙම ගිවිසුම වෙනුවෙන් අත්සන් තබා ඇත.
රණසිංහ ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ වතු ප්‍රජාවට විශේෂ සේවා රැසක් ඉටු කර වතු ප්‍රජාවට පුරවැසිභාවය ලබා දුන්නත් එම පුරවැසියන්ට ලැබිය යුතු ශක්තිය, වරප්‍රසාද හා අවස්ථා මේ වන තෙක් ලැබී නැතැයි විපක්ෂනායකවරයා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව අදහස් දක්වමින් සඳහන් කළේ ය.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, වතු ප්‍රජාවට කළ හැකි උපරිම සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන බව ත් මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් තමා බලයට පත්වී පැය 48ක් ඇතුළත ස්ථාපනය කරන බව ත් ය.
සමගි ජන බලවේගය එළැඹුණ මෙම ගිවිසුම වතු ප්‍රජාවගේ ආර්ථික, සමාජීය, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වූ අඩුපාඩු විසදීමට මිස, මැති ඇමතිකම්, සභාපතිකම් හෝ දේශපලනඥයන්ට ලැබිය යුතු වරප්‍රසාද වෙනුවෙන් නොවන බව ත් විපක්ෂනායකවරයා පැවසීය.
ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, උඩරට පහතරට වතු කේන්ද්‍රිය ප්‍රජාවට අලුත් ආරම්භයක්, අලුත් ගමනක් හා වසර 200 ක මෙරට ඉතිහාසය තුළ නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය කරන බව ය.