අඛණ්ඩව 58 වන වරටත් සංවිධානය කරන ලද වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය ඉරිදා (16) දින උදෑසන 6.00 ට යුද්ධ හමුදා මූලස්ථානය අසළින් ආරම්භ වු අතර, දියත උයන, බත්තරමුල්ල,අතුරුගිරිය හරහා පනාගොඩ යුද්ධ හමුදා ජනපදය දක්වා කි:මි 22 ක දුර ප්‍රමාණයකින් සමන්විත වූ මෙම තරඟය සඳහා කෙටි දුර ධාවන ක්‍රීඩිකාවන් 22 දෙනෙකු සමගින් රෙජිමේන්තු 21 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 111 දෙනෙකු සහභාගි වූහ.
මෙම තරඟාවලියේ සමස්ත පිරිමි ශුරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව දිනාගත් අතර, සමස්ත කාන්තා ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය දිනාගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල, විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.


