ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා පත්කර ගැනීම සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම අද (26) සිට සැප්තැම්බර් 11 වැනි දා මධ්‍යහන 12ක් දක්වා සිදු කෙරෙන බවයි.
කෙසේ වෙතත් අගෝස්තු 31, සැප්තැම්බර් 01, 07 හා 8 යන සෙනසුරාදා හා ඉරිදා දිනවල එම කටයුතු සිදුනොවන බව ද මැතිවරණ කොමිසම පැවසීය.
සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, නාම යෝජනා භාරගැනීම සැප්තැම්බර් 9 වැනි දා සිට සැප්තැම්බර් 12 වැනි දා මධ්‍යහන 12 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙන බවයි.