ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකක් ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ සහ ආධාරකරුවන්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹි බව ඇය සඳහන් කරයි.

වාර්තා සඳහන් කරන්නේ, පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය මීට සතියකට පෙර නාමල් රජපක්ෂ හමුවී අතිශය පෞද්ගලික හේතුවක් මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව දන්වා ඇති බවය.

එහිදී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ, අතිශය පෞද්ගලික කාරණාවක් නම් එසේ කරන ලෙසයි.

ඒ අනුව අද දින පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකර ඇතැයි දැනගන්නට ඇත.

Share.
Leave A Reply

Exit mobile version