මිනිසාගේ වඩාත් සුලභ සහ පැරණි සුරතල් සතෙක්වන බළලුන් සමරන දිනය අදට යෙදී තිබෙනවා. 

අතීතයේදී ඔවුන්ව ඊජිප්තුව වැනි රටවල දෙවිවරුන් ලෙස පවා සලකා නමස්කාර කර ඇති බව සඳහන්. 

බළලුන් ස්වාධීන, විමසිලිමත්, වික්‍රමාන්විත, පුදුමාකාර භෞතික විද්‍යාවක් සහ බලයක් ඇති සතුන් කොට්ටාසයක් ලෙස සැලකෙන අතර, ඔවුන්ට වැළඳෙන රෝග බොහෝමයක් තමන් විසින්ම සුව කර ගැනීමේ විශේෂ හැකියාවකින්ද යුතු වනවා.

මාංශ භක්ෂක කුඩා ලොම් සහිත ක්ෂීරපායින්වන බළලුන් අප්‍රිකානු වල් බළලාගෙන් පැවත එන බව සඳහන්. මිනිසුන් පුරාණ කාලයේ සිටම සුරතල් සතුන් ලෙස හීලෑ කර ඇති ඔවුන් පණුවන් ඇල්ලීමට පුරුදු වී සිටි නිසා ඒ වෙනුවෙන්ම ඔවුන්ව භාවිත කර ඇති බවත් සඳහන්.

බළලුන් පිළිබඳ පළමු ඓතිහාසික මානව වාර්තාව පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරයේ සංස්කෘතියෙන් සොයාගත හැකියි.

බොහෝදෙනා මෙම බළලුන් ඊජිප්තු ජාතිකයන් සමඟ සම්බන්ධ කරන්නේ ඔවුන් බළලුන්ව දෙවිවරුන් ලෙස සැලකීම සහ වන්දනා කිරීම නිසා යි.

Mafdet යනු පළමු බළල් දෙවියා වන අතර ඊජිප්තු පළමු රාජවංශයේ සර්පයන්, ගෝනුස්සන් සහ නපුරට එරෙහිව ආරක්ෂකයා ලෙස සලකා තිබෙනවා.

ග්‍රීකයන් සහ රෝමවරුන් පළිබෝධ පාලනයක් ලෙස බළලු භාවිත කර ඇති අතර ධනවත් හා බලවත් පුද්ගලයින්ට පමණක් අයත් සතුන් කොටසක් ලෙස පසුව බළලුන් ප්‍රසිද්ධ වූ බවත් සඳහන්.

Share.
Leave A Reply

Exit mobile version