කොළඹ ආනන්ද විදුහල සහ නාලන්ද විදුහල අතර පැවැත්වූ 94 වැනි සුලෝහිත සංග්රාම මහ ක්රිකට් තරඟය කොළඹ එස්.එස්.සී පිටියේ දී පසුගිය මාර්තු 02 සහ 03 දෙදින පැවති අතර තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.
මහ ක්රිකට් තරඟයෙන් ලද ආදායමෙන් දෙවිදුහල්වල ක්රීඩා සංවර්ධන අරමුදලට අරමුදල් ලබාදීමත්, මහ ක්රිකට් තරඟයට අනුග්රාහකත්වය දැක්වූ සියලුම අනුග්රාහකයින් වෙත උපහාර පුදකිරීමත් වෙනුවෙනුත් සංවිධානය කළ ” Maroons Salutation” පසුගිය අගෝස්තු 06 වැනිදා බත්තරමුල්ල Waters Edge හෝටලයේ Eagles Ballroom හිදී පැවැත්විණ.
සුලෝහිත සංග්රාම ඒකාබද්ධ සංවිධායක කමිටුව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී ආනන්ද නාලන්ද දෙවිදුහල්වල ක්රීඩා සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 30ක් ලබාදීම ද සිදුවිණ.
සුලෝහිත සංග්රාම ඉතිහාසයේ මෙවැනි මුදලක් පාසැල් ක්රීඩා සංවර්ධනය වෙනුවෙන් ලබාදුන් පළමු අවස්ථාව ලෙස 94 වැනි සුලෝහිත සංග්රාමය ඉතිහාසයට එක් වෙයි.
මෙවර මහ ක්රිකට් තරඟයේ සුවිශේෂීම සිදුවීමක් වූයේ ආනන්ද නාලන්ද දෙවිදුහල්වලින් පවත්වාගෙන යනු ලබන පුද්ගලික ක්රීඩාගාරවල අලෙවි කළ ප්රවේශපත්රවලින් එක් ප්රවේශපත්රයකින් රුපියල් දහසක (1000.00) බැගින් වූ අමතර මුදලක් සුලෝහිත සංග්රාම ඒකාබද්ධ සංවිධායක කමිටුව හරහා දෙවිදුහල්වල ක්රීඩා සංවර්ධන අරමුදල වෙත ලබාදීමයි.