සුපර් නෝවා යනු මිනිසුන් මෙතෙක් දැක ඇති විශාලතම පිපිරුමයි. සෑම පිපිරීමක්ම තාරකාවක සිදුවන ඉතාමත් දීප්තිමත්, බලවත් පිපිරුමකි.

මෙතෙක් වාර්තා වී ඇති දීප්තිමත්ම හා ශක්තිමත්ම සුපර්නෝවා පිපිරුම පිළිබඳ සිතුවමක්

සුපර් නෝවා ඇතිවීමට හේතුව කුමක්ද?

එක් විශාල සුපර් නෝවා විශේෂයක් හට ගන්නේ මිය යන දැවැන්ත තාරකාවකගේ අවසාන පරිච්චේදය ලෙසය. මෙය සිදු වන්නේ අපේ හිරුගේ ස්කන්ධයට වඩා අවම වශයෙන් පස් ගුණයක් තරම් තරුවක් විශාල පිපිරුමකින් පිටතට යන විටය!

විශාල තාරකා න්‍යෂ්ටික ඉන්ධන විශාල ප්‍රමාණයක් ඒවායේ මධ්‍යයේ දහනය කරයි. මෙය ශක්තිය ටොන් ගණනක් නිපදවන බැවින් තාරකාවේ මධ්‍යය ඉතා උණුසුම් වේ. මේ ක්‍රියාවලිය තාපය සහ පීඩනය උත්පාදනය කරන අතර තරුවක න්‍යෂ්ටික දහනයෙන් ඇති වන පීඩනය එම තරුව බිඳ වැටීම වළක්වයි.

මුලික වශයෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් නිසා තාරකාවක් සමබරව පවතී. තාරකාවේ ගුරුත්වාකර්ෂණය තරුව හැකි උපරිම කුඩාම, සම්පීඩනය වුන ගෝලයකට තල්ලු කිරීමට උත්සාහ කරයි. නමුත් තාරකාවේ හරය තුළ දැවෙන න්‍යෂ්ටික ඉන්ධන ප්‍රබල බාහිර පීඩනයක් ඇති කරයි. මෙම බාහිර තල්ලුව ගුරුත්වාකර්ෂණය අභ්‍යන්තරව සම්පීඩනය විරුද්ධ වේ.

තාරකාවක් සමතුලිතව පවතින්නේ කුමක් නිසාද? එය ගුරුත්වාකර්ෂණය මගින් ඇතුලට ඇති කරන බලයත්, තාපය හා පීඩනය මගින් පිටතට තෙරපන බලයත් අතර සමතුලිතතාවයකි.

දැවැන්ත තරුවක ඉන්ධන අවසන් වූ විට එය සිසිල් වේ. මෙය පීඩනය පහත වැටීමට හේතු වේ. එවිට ගුරුත්වාකර්ෂණය ජයග්‍රහණය කරන අතර තරුව හදිසියේම කඩා වැටේ. තත්පර 15 ඇතුලත, පෘථිවියේ ස්කන්ධය මෙන් මිලියන ගුණයක ස්කන්ධයක් ඇති යමක් බිඳ වැටෙනු ඇතැයි සිතන්න! බිඳවැටීම ඉතා ඉක්මණින් සිදු වන අතර එමඟින් තාරකාවේ පිටත කොටස පුපුරා යාමට හේතු වන අති විශාල කම්පන තරංග නිර්මාණය වේ!

සාමාන්‍යයෙන්, සුපර්නෝවා පිපුරුමකින් පසු නිහාරිකා (nebula) නමින් හැඳින්වෙන ප්‍රසාරණය වන උණුසුම් වායු වලාකුළ සමග ඉතා ඝන හරයක් ඉතිරි වේ. අපේ සූර්යයා මෙන් 10 ගුණයකටත් වඩා විශාල තාරකාවක සුපර්නෝවා පිපුරුමක් මගින් විශ්වයේ දෘඩතම වස්තූන් වන කළු කුහර ඉතිරි විය හැකිය.

කකුළු නිහාරිකාව (Crab Nebula) යනු ආලෝක වර්ෂ 6,500 ක් ඈතින් පිහිටි, අපේ ක්ෂීරපථයේ මියගිය දැවැන්ත තාරකාවක ඉතිරි වූ අවශේෂ වේ. තාරකා විද්‍යාඥයින් සහ නිරීක්‍ෂකයින් විසින් 1054 දී මෙහි සුපර්නෝවා පිපුරුම දුටු බව වාර්තා වල සදහන් වේ

තාරකා දෙකක් එකිනෙකා වටා කක්ෂගත වන පද්ධති වල දෙවන වර්ගයේ සුපර්නෝවා සිදු විය හැකි අතර අවම වශයෙන් එම තාරකා වලින් එකක්වත් පෘථිවිය ප්‍රමාණයේ සුදු වාමනයෙක් (white dwarf) වේ. සුදු වාමන යනු අපේ හිරුගේ ප්‍රමාණයේ තරුවක ඉන්ධන (න්‍යෂ්ටික විලයනයට අවශ්‍ය වායුන්) අවසන් වීමෙන් පසුව ඉතිරි වන දෙයකි. එක් සුදු වාමනයෙකු තවත් සුදු වාමනයෙකු සමග ගැටීමෙන් හෝ සුදු වාමනයෙක් ආසන්නව ඇති තාරකාවකින් විශාල පදාර්ථයක් තමන් වෙතට ඇද ගතහොත්, සුදු වාමනයා පුපුරා යා හැකිය.

මෙම සිතුවමේදී, සුදු වාමනෙක් විසින් සහකාර තරුවකගෙන් පදාර්ථය ඇද ගනී. අවසානයේදී මේ සිදුවීම, සුදු වාමන තරුව පිපිරීමට හේතු වේ.

සුපර් නෝවා පිපුරුමක් කෙතරම් දීප්තිමත් ද?

මෙම චමත්කාර ජනක සිදුවීම් කෙතරම් දීප්තිමත් විය හැකිද යත් ඒවා දින කිහිපයක් හෝ මාස ගණනක් පුරාවට තම මුළු මන්දාකිණියේම දීප්තිය අභිබවා යයි. මේ සුපර් නෝවා පිපුරුම් මුළු විශ්වය පුරාම දැකිය හැකිය.

මේ සුපර් නෝවා පිපුරුම්, විශ්වය පුරා නිතරම සිදුවනවාද?

නැත. තාරකා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ අපේ ක්ෂීරපථය වැනි මන්දාකිණි වල සෑම ශත වර්ෂයකම සුපර් නෝවා දෙකක් හෝ තුනක් පමණ සිදු වන බවයි. විශ්වයේ මන්දාකිණි රාශියක් ඇති හෙයින් තාරකා විද්‍යාඥයින් අපේ මන්දාකිණියෙන් පිටත වසරකට සුපර්නෝවා සිය ගණනක් නිරීක්ෂණය කරයි. දුවිලි වලාවන් විසින් (Space dust), ක්ෂීරපථය තුළ ඇති සුපර්නෝවා වලින් වැඩි ප්‍රමාණයක අපේ දෘශ්‍ය අවකාශය අවහිර කරයි.

සුපර් නෝවා වලින් අපට ඉගෙන ගත හැක්කේ කුමක්ද?

සුපර් නෝවා අධ්‍යයනය කිරීමෙන් විද්‍යාඥයන් විශ්වය ගැන බොහෝ දේ ඉගෙන ගෙන ඇත. අවකාශයේ ඇති දුර මැනීම සඳහා ඔවුන් දර්ශකයක් ලෙස දෙවෙනි වර්ගයේ සුපර් නෝවා (සුදු වාමනයින් සම්බන්ධ වන සුපර්නෝවා) භාවිතා කරයි.

තරු යනු විශ්වයේ ඇති කම්හල්ය. අපේ විශ්වයේ සෑම දෙයක්ම සෑදීමට අවශ්‍ය රසායනික මූලද්‍රව්‍ය තාරකා විසින් ජනනය කරයි. තාරකාවල මධ්‍යයේදී හයිඩ්‍රජන් වැනි සරල මූලද්‍රව්‍ය, වඩාත් බර මූලද්‍රව්‍ය බවට පරිවර්තනය වේ. කාබන් සහ නයිට්‍රජන් වැනි මේ බර මූලද්‍රව්‍ය, ජීවයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයන් ය.

රත්තරන්, රිදී සහ යුරේනියම් වැනි බර මූලද්‍රව්‍ය සෑදිය හැක්කේ, දැවැන්ත තාරකා වලට පමණි. සුපර්නෝවා පිපිරීම් සිදු වූ විට, තාරකා තුල ගබඩා කර ඇති සහ අලුතින් සාදන ලද මූලද්‍රව්‍යන්, අවකාශය පුරා බෙදා හැරෙයි.

විද්‍යාඥයින් සුපර් නෝවා අධ්‍යයනය කරන්නේ කෙසේද?

නාසා විද්‍යාඥයින් විසින් සුපර් නෝවා ගැන සොයා බලා අධ්‍යයනය කිරීම සඳහා විවිධ දුරේක්ෂ ගණනාවක් භාවිතා කරයි. එක් උදාහරණයක් නම් විශ්වය ගැන සොයා බැලීම සඳහා එක්ස් කිරණ භාවිතා කරන NuSTAR (Nuclear Spectroscopic Telescope Array) මෙහෙයුමයි. මෙම විශ්මය ජනක පිපිරීම් වලට තුඩු දෙන දේ, හා අතරතුර සහ පසුව සිදු වන දේ ගැන වැඩිදුර දැන ගැනීමට, ඒවගේම සුපර්නෝවා සහ තරුණ නිහාරිකා නිරීක්ෂණය කිරීමට, විද්‍යාඥයින්ට NuSTAR උපකාර කරයි. (astrolearn)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version