අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇප මත නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පසුගිය 03 වනදා පස්වරුවේ ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ දී ජෝසප් ස්ටාලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

Share.
Leave A Reply

Exit mobile version