එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ අනුව මානව හිමිකම් මණ්ඩලයේ සීමාවන්ට විෂය නොවන ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකය හා මූල්‍ය ප්‍රතිපත්ති පියවර පිළිබඳව යෝජනාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන්ද විරෝධය පළ කරන බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ.

ලොව රටවල් රැසක් අද මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අර්බුදය පිළිබඳ අදහස් දැක්වීම මෙම මණ්ඩලයේ යාන්ත්‍රණයට හෝ විශේෂඥතාවට අදාළ කරුණක් නොවන බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version