ශුද්ධෝත්තම අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හට පෙනහළු ආසාදනයක් ඇතිවීම හේතුවෙන් දින කිහිපයක් රෝහල් ගතවී සිටීමට සිදුවනු ඇති බව වතිකානුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය දින කිහිපය පුරාවට ශ්වසනය කිරීමේ අපහසුතාවයෙන් පෙළමින් සිටි බවත් වතිකානුව විසින් නිවේදනය කර ඇති අතර, උන්වහන්සේට කොවිඩ් ආසාදනය වී නොමැති බවත් පවසා තිබෙනවා. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.