මෙරට මත්පැන් භාවිතය 20% – 30% ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (27) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හා ආහාර උද්ධමනය ඉහළ යාම වැනි කරුණු ඒ සඳහා බලපා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින අසීරු තත්ත්වය යටතේ වුවද සුරාබදු දෙපාර්තමේන්තුව, සුරාබදු ආදායම 65% ක් පමණ සොයා දී තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version