බොරතෙල් සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකාශය අදටත් වලංගු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

තමා සිදුකළ ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නේ නම් තමා එයට කැමැත්තෙන් පසුවන බවත් එවිට අධිකරණය ඉදිරියේ මෙම බොරතෙල් ලබාගත් තැන් සහ එහි මිල ඇතුළු සියලු කරුණු මහජනතාවට දැන ගතහැකි බවයි ඔහු සඳහන් කළේ.

මෙහිදී දේශපාලන අධිකාරියේ මූලික කටයුත්ත විය යුත්තේ මෙවැනි ගැටලුවක් ඇතිවී ඇද්ද සහ එයට වගකිවයුතු පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම බවත් වැරැද්ද පෙන්වාදෙන පුද්ගලයාට නීතිමය පියවර ගැනීම විහිළුවක් බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

ආනයනික බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සිදු කළ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (26) සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version