ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔහු 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 8 වන ස්ථානයේ පසුවනවා.