ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. පාද යාත්‍රාවට එක්වී සිටි කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් හත් දෙනෙක් ඉන් තුවාල ලැබූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ආරම්භ වූයේ මීට මාස කීපයකට පෙර දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවෙනි. පාද යාත්‍රාවට නායකත්වය දෙමින්, එය මෙහෙයවන්නේ කොංග්‍රස් පක්ෂ නායකයකු වන රාහුල් ගාන්ධිය.

පාද යාත්‍රාවේ අරමුණ, කොංග්‍රස් පක්ෂය ජනතාව අතරට ගෙන යමින්, එය ජනප්‍රිය කරලීමය. බෝම්බ පිපිරීමත් පක්ෂ ක්‍රියාකාරීන් තුවාල ලැබීමත් සමඟ පාද යාත්‍රාව චද්වාල් නගරය අසලදී නවත්වා දැමීමට සිදුවිය. ඒ, රාහුල් ගාන්ධි ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමිනි. (NDTV)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version