රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරන බවට පැතිර යන ප්‍රචාරයන් හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රජය කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති බවත් මුළු රාජ්‍ය ආදායමෙන්ම වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන තත්ත්වයක සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ආර්ථිකය අක්‍රමවත් ආකාරයෙන් ගමන් කළා නම් රාජ්‍ය සේවක වැටුප් සම්පූර්ණයෙන්ම අහිමි වන තත්ත්වයක් උදා වන බවත් දැන් එවැනි තත්ත්වයක් නොමැති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version