සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණයෙන් සමාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් යොමු කර තිබෙනවා.

තමා අනාගතයේදී විනිසුරුවරුන්ට හා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින බවයි අදාළ දිවුරුම් ප්‍රකාශය මඟින් ඔහු සඳහන් කර ඇත්තේ.

මේ අතර රන්ජන් රාමනායක අද ‍(25) හෝ සඳුදා දිනයේ නිදහස් වන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

Share.
Leave A Reply

Exit mobile version