එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ගොවි සංවිධාන විසින් කළ ඉල්ලීම් පරිදි මෙම යූරියා පෙහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැප්තැම්බර් 29 වනදා සිට ඔක්තෝම්බර් 10 වනදා දක්වා කාලය තුළ රජයේ පොහොර සමාගම් දෙක දිවයින පුරා බෙදාහැර ඇති ඇති යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,981 ක් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version