ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩුවී තිබෙනවා.
ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ 65% ක් වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේ 59.2% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම නොවැම්බර් මාසයේ 69.8% ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 59.3%ක් දක්වා පහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.