කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිලිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ විශාල ප්‍රදේශයක් අධි ආරක්‍ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් බලයක් නොමැති බවයි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (23) කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

Share.
Leave A Reply

Exit mobile version