සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගත් සිව්දරු මවක සහ එය නිවීමට ගිය සැමිය ගින්නෙන් පිලිස්සී කළුතර ශික්ෂණ රෝහල ට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ බේරුවල සමත් මාවතේ පදිංචි 28 සහ 24 දී ඇති අඹුසැමි යුවළක් බව පොලිසිය පවසයි.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් අද පස්වරුවේ කතාබහක් සිදුව බිරිඳ නිවසේ ප්ලාස්ටික් කෑන් එකක තිබූ භූමිතෙල් සිරුරට හලාගෙන බිරිඳ ගිනි තබා ගෙන ඇතැයි පොලිසිය පවසයි .

ඇයගේ සිරුර ගිනි ගනිද්දී ස්වාමි පුරුෂයා ගින්න නිවා දැමීමට උත්සහ දැරීමේදී ඔහුද පිලිස්සීම් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

දෙදෙනාම කළුතර තීක්ෂණ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, බිරිඳගේ තත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version