බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31, 51 හා 52 හැවිරිදි පිටබැද්දර හා කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් බවයි සඳහන් වන්නේ.

අයුතු අවහිරය, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version