මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම් එම් මොහොමඩ් මහතාටද සිය ධූරයෙන් ඉවත් වන ලෙසට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ඔහු පැමිණිලි කර ඇති අතර මේ වන විට ඔහුට පොලිස් ආරක්ෂාව සපයා තිබෙනවා.
මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කර ඇති බවද, එම තර්ජන සියල්ල එකම දුරකථන අංකයකින් WhatsApp ඔස්සේ සිදු කර ඇති බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.