ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාට අද පෙරවරුවේ එරට නාරා හි දී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඒ මහතා රෝහල් ගත කර ඇතැයි ජපාන මාධ්‍ය සඳහන් කරයි. පපු පෙදෙසට වෙඩි පහරවල් කීපයක්ම එල්ලවී ඇති බවද සඳහන් වනවා. ජපාන වේලාවෙන් අද පෙරවරු 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version