ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක ආධාර මුදලක් අර්බුධයට ලක්ව ඇති සෞඛ්‍යය ක්ෂේත්‍රය සඳහා අදාළ අත්‍යාවශ්‍ය ඖෂධ මිලට ගැනීමට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

එම ඩොලර් මිලියන දෙකෙන් පළමු මිලියනය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට සඳහා පරිත්‍යාග කර ඇත.

අනෙක් ඩොලර් මිලියනය මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ ප්‍රතිකාරයන්ට දැඩිව අවශ්‍යව ඇති ඖෂධ මිලට ගැනීම සඳහා එම රෝහලට පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

Share.
Leave A Reply

Exit mobile version