ඉන්දුනීසියානු පාපන්දු තරඟයක් අතරතුර ප්‍රේක්ෂකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඇතිවූ තෙරපීමෙන් පුද්ගලයින් 127 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තරඟය අවසන් කිරීම සඳහා අවසන් විසිල් නාලද කිරීමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් තණතීරුව වෙත දිව ගොස් තිබෙනවා.

පසුව පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, එය සෙනඟ තෙරපීමකට සහ හුස්ම හිරවීමේ සිදුවීම්වලට හේතුවූ බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පාපන්දු සංගමය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version