ආරක්ෂක හේතුවක් මත වසා දමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.

ඒ අනුව හෙට (20 වැනිදා) සිට සාමාන්‍ය පරිදි වීසා ලබා දීමේ සහ අනෙකුත් සේවාවන් සිදුකරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ආරක්ෂක හේතුවක් මත පසුගිය පෙබරවාරි 15 වැනිදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි දැනුම් දෙනතුරු වසා දැමීට කටයුතු කළේය. (දිවයින)

Share.
Leave A Reply

Exit mobile version