මෙරට ආර්ථික ස්ථායීකරණයට බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා එළඹෙන දෙසැම්බර් අගදී රටට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක පවසනවා.

රටේ ආර්ථික ස්ථායීකරණයට අදාළ නව නීති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේදී මෙරට නීති පද්ධතිය තුළ ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳ මෙහිදී විද්වතුන් විසින් අදහස් පළ බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version