ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශේන්හං (Qi Zhenhong) මහතා පැවසුවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවයි.

ශ්‍රී ලංකාවට එක රැයකින් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් එහෙත් පවතින අර්බුදය දීර්ඝ කාලයක් පවතිනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මල්වතු සහ අස්ගිරි මහා විහාරය වෙත ගොස් මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුවය.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව තුළ විවිධ වෙනස්කම් සිදු වුවද ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බවත් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් මට්ටමින් අඛණ්ඩව පවත්වාගෙන යන බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply

Exit mobile version