දෙමළ ජාතික පොදු අපේක්ෂක අදහස දෙමළ ජාතිකත්වය දුර්වල කරන බැවින් එය ඉතා නරක එකක් බව දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ සුමන්තිරන් පවසයි.
සුමන්තිරන් මන්ත්රීවරයා සිය ‘X’ ගිණුමේ සඳහන් කර ඇත්තේ මෙය දෙමළ ප්රශ්න ගැන පණිවිඩයක් දීමට භාවිතා කළ හැකි මැතිවරණයක් නොවන බවයි.
“මෙය ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ ජනමත විචාරණයක් නොවේ,” යැයි ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.
මේ අතර, පසුගියදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සුමන්තිරන් මන්ත්රීවරයා හෙළිදරව් කළේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) විශ්වාස කරන්නේ දෙමළ පොදු ජනාධිපති අපේක්ෂකයකු යන්න අසාර්ථක අසාර්ථක උපක්රමයක් බවයි.
ඉදිරි මැතිවරණවලදී දෙමළ පොදු අපේක්ෂකයා ලෙස අපේක්ෂකයෙකු ඉදිරිපතු කළහොත් එය ඉතා නරක තත්ත්වයකට මඟ පාදනු ඇති බව ප්රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්රී සුමන්තිරන් මෙය පිස්සු අදහසක් බවත් එය ප්රසිද්ධියේ හෙළා දකින බවත් පැවසීය.
ITAK දැනටමත් අපේක්ෂකයින් දෙදෙනෙකු සමඟ කතා කර ඇති බවත්, ජනාධිපතිවරණයේදී සහය දෙන්නේ කාටද යන්න පක්ෂය ඉක්මනින් තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.