දැනට හටගෙන ඇති ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් ගමනාගමනය බොහෝදුරට අත්හිටුවීමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් අකර සිටිනවා.

ඒවගේම කොළඹ කලාපය තුළ සියලුම පාසල්, බස්නාහිර පළාතේ තදාසන්න ප්‍රදේශ සහ අනෙකුත් පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ජූලි 10 දක්වා වසා තැබීමට නියමිතයි.

එසේම අනෙකුත් ප්‍රදේශවල පාසල් විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපන නිලධාරීන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version