යොවුන් අධ්‍යක්ෂක චානක පෙරේරා ගේ අනගි නිමැවුමක් වූ ‘ගජමෑන්’ චිත්‍රපටය මේ වනවිට වාර්තා පිට වාර්තා තබමින් සාර්ථක ලෙස ඉදිරියටම යමින් පවතිනවා. ඔහු මෙම චිත්‍රපටය සාදන්නට මුල පිරුවේ ඔහුට අවුරුදු 20 දීය. එලෙස වැඩ පටන්ගන්නා විට, ඔහුගේ වැඩක් මේ තරම් දුරක් මේවගේ වගේ ආකාරයෙන් එලියට එයි කියලා අදහසක් ඔහුගේ හිතේ අහලකවත් තිබුණේ නෑ කියා මීට දවස් කීපයකට උඩදී ඔහු ප්‍රසිද්ධ youtube නාලිකාවකට ප්‍රකාශ කර තිබුනා.

අදවනවිට ශ්‍රී ලාංකේය සිනමාවේ සියලුම ආදායම් වාර්තා බිඳ හෙළමින් ‘ගජමෑන් 3D’ අතිසාර්ථකව තිරගත වෙනවා. මේ වන විට ගණන් බලා ඇති අන්දමින් ‘ගජමෑන්‘ සමස්ත ආදායම මිලියන 250 ඉක්මවා තිබෙනවා. එක් සති අන්තයක තබන වාර්තා ඊළඟ සති අන්තයේදී බිඳ හෙලීමට ලක්වේ.

ඒ නිසා ලංකාවේ මෙන්ම ලෝකය පුරා වෙසෙන මෙය නරඹන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සියලුදෙනාට ආරාධනය කරන අතර මෙය නැරඹු ඔබ සියලුදෙනාටත් ස්තූතිවන්ත වනවා.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version