අවසර ඉල්ලා තිබූ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග මෙතෙක් ක්‍රියාත්මක විදුලි කප්පාදුව අද සිට නතර කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ, මීට පැය කීපයකට පෙර පැවැත්වුනු මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග, විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීමට කටයුතු කරන ලෙසයි.

ඒ වාගේම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. (නෙත් නිව්ස්)

Share.
Leave A Reply

Exit mobile version