අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 05 ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 238 ක් ලෙසයි සටහන් වන්නේ.

පාන් පිටි කිලෝවක් රුපියල් 96කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 279ක් වන බවත් එමෙන්ම, දේශීය සැමන් ටින් එකක මිල රුපියල් 105කින් අඩුකර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 585ක් ලෙස සටහන් වනවා.

හාල් මැස්සන් කිලෝවක් රුපියල් 200 කින් අඩුකර ඇති අතර හාල් මැස්සන් කිලෝවක නව මිල රුපියල් 1300 ක් සහ රතු පරිප්පු කිලෝවක නව මිල දැක්වෙන්නේ රුපියල් 398ක් ලෙසයි.

Share.
Leave A Reply

Exit mobile version