2022 අපේක්ෂිත බදු ආදායමෙන් සැප්තැම්බර් මාසය අවසන් වන විට 68% ක් සම්පූර්ණ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව 2022 අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 915 ක් බවත් එයින් මේ වන විට 68.4% ක් දේශීය ආදායම් කොමසාරිස් විසින් සොයා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කළා.