විදුලි බල, ඛණිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්වන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම රෝහල් වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමයද අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version