පසුව මුදල් ලබා දීමේ ක්‍රමය යටතේ රජයේ සියලු ආයතනවල මුද්‍රණ කටයුතු සිදුකරන නමුත් පසුගියදා නිකුත් කරන ලද චක්‍රලේඛයක් නිසා රාජ්‍ය ආයතනවල මුද්‍රණ කටයුතු කිරීම ගැටලුවක් වී ඇති බව දේශපාලන අංශ පෙන්වා දෙයි.

පසුගියදා මුදල් අමාත්‍යංශය නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් පසුව මුදල් ලබාදීමේ පදනම මත කටයුතු නොකළ යුතු බවට ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. ඒ අනුව රජයේ මුද්‍රණාලයට පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු කිරීම ගැටලු සහගත වී තිබුණි.

ඒ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ සියලු මුද්‍රණ කටයුතු සහ අනෙකුත් සෑම ආයතනයකම නිවාඩු ඉල්ලුම් පත්‍රයේ සිට සියලුම මුද්‍රණ කටයුතු සිදුකරනු ලබන්නේ පසුව ගෙවීමේ පදනම මතය.

උදාවී ඇති තත්ත්වය නිසා පාර්ලිමේන්තුව ඇතුළු රජයේ සියලුම ආයතනවල මුද්‍රණ කටයුතු කිරීම අර්බුදකාරී වී ඇති බව වාර්තා වේ. (ලංකාදීප)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version