මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන හිමිකාරිත්වය පැවරීම සඳහා භාවිතා කරන එම්.ටී.ඒ 6 සහ 8 ආකෘති පත්‍ර සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ආකෘති පත්‍ර සංශෝධනය කර ඇති බවයි.

අදාල නව ආකෘති පත්‍ර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් (www.dmt.gov.lk) බාගත කරගත හැකි අතර 2023 වසරේ ජනවාරි 02 වැනිදා සිට මෙම ආකෘති පත්‍ර ක්‍රියාත්මක බව සඳහන් වෙනවා.

ඒ පිළිබඳව වන නිවේදනය පහතින්.

Share.
Leave A Reply

Exit mobile version