දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමට අදාල නව ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් කළේය.
ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ හරිත වර්ධක සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය හා ලෝක හරිත වර්ධක ආයතනය (GGGI) අතර මෙම ගිවිසුම අත්සන් කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලෝක හරිත වර්ධක ආයතනයේ සභාපති හා එක්සත් ජාතීන්‍ගේ හිටපු මහ ලේකම් බන් කී මූන් මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබීය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ මහතා ද ලෝක හරිත වර්ධක ආයතනයේ හි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිෂ්බමාන් (Frank Rijsberman) මහතා ද ගිවිසුමට අත්සන් කළහ. (ලංකාදීප)
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.