Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා – ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්
News 6 Views

මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා – ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්

Buzzer EditorialBy Buzzer EditorialOctober 30, 2025No Comments5 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය රට වෙලාගත් මායාකාරී ව්‍යවසනයක් බවත් එය පරාජයට පත්කිරීමට තමා කටයුතු කරන අතර, දරුවන්, පොදු සමාජය හා ජාතිකයක් ලෙස මුළු මහත් රටම මෙම මයාකාරී ව්‍යවසනයේ ගොදුරු බවට පත්වෙමින් තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර තරුණ පරම්පරාව මත් උවදුරේ විශාලතම ගොදුර බවට පත්ව ඇතැයි ද සඳහන් කළ ජනාධිපතිවරයා, මේ වනවිට ගම් නියම් ගම්කරා මෙම මායාකාරී කුණාටුව පැතිරෙමින් පවතින බව ද පැවසීය.

“දරුවා බිහිවෙන මොහොත් අම්මා තාත්තාගේ විශාල බලාපොරොත්තුවක් පොඳි බැඳුණා. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයට පත්වෙමින් තිබෙනවා. අම්මා විශාල වේදනාවකට ලක්වෙමින් සමාජයෙන් කොන්වෙමින් තිබෙනවා.

අපිට මත්ද්‍රව්‍ය කිලෝ 800 – 900 හම්බවෙනවා. අපි තේරුම් ගන්න ඕනේ එන ඔක්කෝම අපි අල්ලලා නෑ. අල්ලනවා නම් එන්නේ නෑ. මේ නිසා ඔවුන් දන්නවා මේ අල්ලන ප්‍රමාණය එන ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක්. හැබැයි අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ සපයන ප්‍රමාණය මොන තරම් විශාලත්වයක් ඇත්ද කියා. කිලෝ 800 කෝටි 1500කට විකිණෙනවා. ඒ නිසා විශාල මුදල් ප්‍රමාණයක් මේ ව්‍යාපාරය හරහා ගොඩනැගිලා. එකවිට මහා කළු ව්‍යාපාර ගොඩනඟන ජාවාරමක් බවට මේ ව්‍යවසනය පත්වෙලා. ඔවුන් අතර මෙම වෙළෙඳපොළ බෙදාගැනීමට ගැටුම් නිර්මාණය වෙලා. මෑත කාලයේ වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර සිදුවීම්. තැන තැන වෙඩි තැබීම් සිදුවෙලා තියෙනවා. මේ සියල්ල මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් සිදුවෙලා. ඒ තරම් වෙඩි උණ්ඩ, ගිනිඅවි, වෙඩිතැබීමේ ආරක්ෂාව කොහොමද නිර්මාණය වුණේ ? රටක ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැඟුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. හැබෑමට සිදුව ඇත්තේ ඔවුන් සතුව ඇති මූල්‍යමය බලය මත රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කරලා. ඒ නිසා තවදුරටත් මේ තත්ත්වය සඟවමින් මේ තත්ත්වයට මුහුණදෙන්න බෑ.

ඔවුන් අත ගිනිඅවි සැරිසරනවා. ඔවුන් ගිනිඅවි නිෂ්පාදකයෝ නෙමෙයි. බලපත්‍ර සහිත ගිනිඅවි ගැනීමේ බලය තියෙන්නේ රාජ්‍යයකට. රාජ්‍ය සතු ගිනිඅවි ඔවුන් අතට ගියේ කොහොමද ? දැනට වාර්තා වුණා සමහර හමුදා කඳවුරුවලින් ටී 56 ගිනිඅවි 73ක් ඒ අය අතට ගිහින්. එයින් 35ක් අත්අඩංගුවට අරන් 38ක් ඔවුන් අත සැරිසරනවා. රජය සතු ආයුධ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උණ්ඩ අපි අත්අඩංගුවට ගත්තා.හමුදාවේ ප්‍රධාන කර්නල්වරයෙක් උණ්ඩ සපයලා තියෙනවා. ඒ වෙනුවට බැංකුවට මුදල් ඇවිත් තියෙනවා. රජය සතු ගිනිඅවි පොලීසියේ මහත්තයෙක් විකුණලා පලායනවා. ගිනිඅවි විකුණනවා. සන්නද්ධ කණ්ඩායම් සතු මුදල් බලය අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගිලගැනීමට සමත් වෙලා.”

පොලීසිය, යුද හමුදාව මෙම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට විශාල මෙහෙවරක් සිදුකළ ද අතළොස්සක් පිරිස සිදුකරන මෙම  කටයුතු හේතුවෙන් කළු රාජ්‍යයක් බිහිවෙමින් පවතින බව ද ජනාධිපතිවරයා පැවසීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් පාතාල නායකයින්ට පාස්පෝට් සකස් කර දී ඇති බව ද පැවසූ ජනාධිපතිවරයා, එවැනි ක්‍රියා හේතුවෙන් රාජ්‍ය විනාශයට පත්ව  ඇතැයි ද කියා සිටියේය.

නිල රාජ්‍ය යාන්ත්‍රණය තරම් ප්‍රබල නොවුණත් ඒ හා සමාන රාජ්‍ය යාන්ත්‍රණයක් පාතාලය විසින් සපුරාගෙන ඇතැයි පැවසු ජනාධිපතිවරයා, කළු යාන්ත්‍රණය විනාශ කළ යුතු යැයි ද පැවසීය.

“මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය මඟින් පිහිටවනු ලැබූ රාජ්‍ය විතරයි. කළු රාජ්‍ය විනාශ කරනවා. මෙතැනින් නතර වෙන්නේ නෑ. මෙය වර්ධනය වෙමින් ඇත්තේ කොතැන ද? දැන් දේශපාලන පක්ෂ ඇතුළට එනවා, මන්ත්‍රීවරු එනවා, සභාපතිවරු එනවා. වෙනම ලැයිස්තු හදලා ඡන්දවලට ඉදිරිපත් වෙලා දේශපාලන යාන්ත්‍රණයක් වෙලා. එක යුගයක දී එය දේශපාලනයේ ආරක්ෂාව. දැන් දේශපාලන ආධිපත්‍ය. ආණ්ඩුවක් පිහිටුවා ගැනීම දක්වා බීජ ව්‍යාප්ත වෙලා. මෙය දිගු කාලයක් පුරා දේශපාලන ආශිර්වාදය මත සිදුවන්නක්.”

පොලීසියේ ඇතැම් නිලධාරීන් මෙම කටයුතුවලට සම්බන්ධ වුවත් වර්තමාන පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් මත්උවදුර තුරන් කිරීමට දැඩි වෙහෙසක් ගනු ලබන බව ද පැවසු ජනාධිපතිවරයා පොලිස් ඉතිහාසයේ වැඩිම පිරිසක් වැඩතහනමට ලක්ව ඇති යුගය මෙය බව ද කියා සිටියේය.

රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙම කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් සිටී නම් වහාම ඉන් ඉවත්වන ලෙස පැවසු ජනාධිපතිවරයා කිසිවෙකුටත් සැඟවීමට හැකියාවක් නොමැති බව ද සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ තරුණයින් හා පාසල් සිසුන් බේරාගැනීමට නම් ක්‍රීඩාව, සංගීතය ආදී කරුණු මත පදනම් වූ සංස්කෘතියක් අවැසි බවත් ඊට අදාළ වැඩසටහනක් ඉදිරියේ දී නිර්මාණය කරන බවත් පැවසු ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ පිරිස පුනරුත්තාපනය කිරීම අප සතු වගකීමක් බව ද පැවසීය.

දැනටමත් ස්වෙච්ඡා පුනරුත්තාපන මධ්‍යස්ථාන ගොඩනඟා ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, දෙමාපියන්ට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ දරුවන් එම ස්ථානවලට ගෙනැවිත් භාරදෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

අයවැයෙන් ඒ සඳහා විශාල මුදලක් වෙන්කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, ඉදිරියේ දී රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හමුදාව, බුද්ධි අංශ හා පොලීසිය යන සියල්ල එක වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් සකස් කරන බවත් ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කිසිවෙකුට විදෙස් ගත වීමට හෝ සැඟවී පලායෑමට ඉඩක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

“මතක තියා ගන්න මේක උන්ට ගිය රට නොවන බව…” යනුවෙන් පැවසු ජනාධිපතිවරයා ආගමික නායකයින් එක්කර ගනිමින් ද වැඩසටහන් කිහිපයක් සිදුකිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා ආගමික නායකයින්ගේ අනුශාසකත්වය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

මෙම ව්‍යවසනය පිළිබඳ සමාජයට පණිවුඩයක් ලබාදීමේ වගකීම මාධ්‍ය සතු වන අතර, වගකීම් සහගත මාධ්‍යකරණයක නියැලිය යුතු බව ද අවධාරණය කර සිටි ජනාධිපතිවරයා, සියලු මාධ්‍ය ආයතන මත් ව්‍යවසනයෙන් රට මුදාගැනීමේ මෙහෙවරට සහාය දැක්වීමට එකඟත්වය පළ කර ඇතැයි ද පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවන්ට ආරෝපිත බලයක් දේශපාලනඥයින් තුළින් ලැබී ඇතැයි පැවසු ජනාධිපතිවරයා, ඒ තුළින් පරීක්ෂණ බිඳවැටෙන තත්ත්වයක් මතුව ඇතැයි ද කියා සිටියේය.

“අපේ රටේ නොවිසිඳුණු හැම අපරාධයක් පසුපසම දේශපාලන ආරක්ෂාව තියෙනවා. එය පොලීසියේ අදක්ෂතාවය නොවේ. මම එකක් කියන්නම් ඔවුන්ගේ පළමු බලය දේශපාලන බලය දැන් අවසන් කර අවසන්. පොලීසිය කරන කාර්ය ගැන ඉතාම පැහැදීමෙන් ඉන්නේ. සමහර අය බයයි. අදත් සමහර අපරාධකරුවන් බන්ධනාගාර තුළ ඉඳලා මෙම ජාවාරම මෙහෙයවනවා. එහෙම කරන ගමන් ලයිව් බලාගෙන ඉන්නවා. මෑතකාලයේ වැලිගම සිද්ධිය. සමහරු බයෙන් ඉන්නවා. සමහරු සල්ලිවලට අහුවෙලා ඉන්නවා. අද ශ්‍රී ලංකා පොලීසිය ඒ අවදානම අරගෙන මේ මෙහෙයුම දියත් කිරීමට බැඳී සිටිනවා.පොලීසිය අපරාධකරුවාගේ සතුරා බවට පත්වෙනවා. තවත් ඉදිරියේ දී විවේචනයට ලක්වෙන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ඉන්නවා.”

උඩ සිට පහළට විහිඳුනු ජනතා හඬක් මත් ද්‍රව්‍ය තුරන් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනඟන බවත් පැවසු ජනාධිපතිවරයා එය මෙම ව්‍යවසනයට එරෙහි ප්‍රබලතම හඬ සහ ආරක්ෂකයා එය බව ද පැවසීය.

මම හිතනවා අපි ඔක්කෝම එකට එකතු වෙන්න ඕන වෙලාව මේක,රට එකට. මේ ව්‍යවසනයට එරෙහිව තනි තනිව පුද්ගලයෙකුට මොනතරම් බලාපොරොත්තුවක් තිබුණත්  බෑ. රජයට පමණක් බෑ. පොලීසියට පමණක් බෑ. රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් බෑ. සියලුදෙනා එකතු වෙන්න ඕනේ. මේක තමා අවස්ථාව. අවසන් වශයෙන් ලොල්වුණ අයටයි, විකුණන අයටයි කියන්නේ, වහාම ඉවත්වෙමු. ඊට එරෙහි ප්‍රබලතම ව්‍යාපාරය ගොඩනඟමින් පවතිනවා. අනිවාර්යයෙන්ම මේ මායාකාරී කුණාටුව විනාශ කරනවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ දරුවන්, සමාජය නිදහස් කරගන්නවා. මේ මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා. ඒ වෙනුවෙන් අපි එකට එකතු වෙමු.”

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසේවය හැරගිය වෛද්‍යවරුගෙන් අය වියයුතු මුදල මිලියන 1277ක්
Next Article මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයෙක්
Buzzer Editorial

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.