“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ වැඩසටහන කල්දමා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ඒ අනුව හෙට (30) දිනයේ පැවැත්වීමට තිබූ මෙම වැඩසටහන නොවැළැක්විය හැකි හේතුවක් නිසා 31 වනදා පැවැත්වෙන බව නියෝජ්‍ය කතානායකවරයා අද (29) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගිවීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික මඟ පිළිබඳව ඵලදායී කථිකාවක් සඳහා මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version