නැවතත් කොවිඩ්-19 රැල්ලක් අග්නිදිග ආසියාව පුරා පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

චීනය සහ සිංගප්පූරුව ඇතුළු රටවල මේ වන විට දහස් සංඛ්‍යාත කොවිඩ්-19 රෝගීන් වාර්තා වී ඇති අතර, තායිලන්තයේ පමණක් මෙ විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.

ජනවාරි මස සිට මැයි මස දක්වා තායිලන්තයේ COVID-19 රෝගීන් 187,031 ක් සහ COVID මරණ 46 ක් වාර්තා විය.

හොංකොං, සිංගප්පූරුව, චීනය සහ තායිලන්තය යන රටවල ජනාකීර්ණ ප්‍රදේශවල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර හොංකොං සහ සිංගප්පූරුව වැනි ප්‍රධාන නගරවල සෞඛ්‍ය බලධාරීන් විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකර අතර, චීනයේ සහ තායිලන්තයේ නව බූස්ටර් එන්නත් ලබාගන්නා ලෙසට ජනතාවට දැනුම් දී ඇති බව සඳහන් වේ.

හොංකොං හි සෞඛ්‍ය අංශ පවසන පරිදි , නගරයේ වෛරස් ක්‍රියාකාරිත්වය මේ වන විට “තරමක් ඉහළ” මට්ටමට පැමිණ තිබේ.

එමෙන්ම හොංකොං හි කොවිඩ් ආසාදිත වූ සාම්පල ප්‍රතිශතය ද ඉහළම මට්ටමට ළඟා වී ඇති බව සඳහන් වේ.

මැයි 3 වන දිනෙන් අවසන් වන සතිය තුළ හොංකොං හි කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය මාස 12 ක කාලය තුල වාර්තා වූ වැඩිම අගය බව සඳහන් වේ.

සිංගප්පූරුවේ ද කොවිඩ්–19 රෝගීන් සංඛ්‍යාව සියයට 28 කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වන අතර දෛනිකව රෝහල්ගත වන සංඛ්‍යාව සියයට 30 ක් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ජනතාවගේ ප්‍රතිශක්තිය අඩුවීම ඇතුළු සාධක හේතුවෙන් රෝගීන් වැඩිවීමට හේතු විය හැකි නමුත්, සංසරණය වන ප්‍රභේද වසංගත කාලයට වඩා සම්ප්‍රේෂණය විය හැකි බවට හෝ වඩාත් දරුණු අවස්ථා ඇති කරන බවට කිසිඳු සාධකයක් නොමැති බවද සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත.

තායිලන්තයේ ද එවැනිම ප්‍රවණතාවක් වාර්තා වේ.

වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ අවුරුදු 30 ත් 39 ත් අතර පුද්ගලයින් අතර බව සඳහන් වේ.

ආසියාවේ කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමට හේතු වී ඇත්තේ ඔමික්‍රොන් හි උප ප්‍රභේදයක් වන JN.1 ප්‍රභේදය බව සඳහන් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද  JN.1 ප්‍රභේදයට “උනන්දුවක් දක්වන ප්‍රභේදයක්” ලෙස නම් කර ඇති නමුත් තවමත් එය “කනස්සල්ලට පත්වන ප්‍රභේදයක්” නොවන බවද සඳහන් වේ.

සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටින නමුත් එය ඔමික්‍රොන් උප ප්‍රභේද මෙන් වඩාත් දරුණු තත්ත්වයක් අති කරන බවට මෙතෙක් නිශ්චිත සාක්ෂි නොමැති බව වාර්තා වේ.

Share.
Leave A Reply

Exit mobile version