එළඹෙන 08 වනදා පෞද්ගලික අංශයේ සිදුකරන ප්‍රතිකාර සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

ඒ අනුව පෞද්ගලික අංශයේ සිදුකරන එදිනෙදා සාමාන්‍ය සේවා 08 වනදා දිනය තුළ සිදු නොවන බවත් හදිසි ප්‍රතිකාර සේවා පමණක් සිදුකරන බවයි ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් අද (07) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

අසාධාරණ බදු සංශෝධනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් තවමත් පිළිගත හැකි පිළිතුරක් ලැබී නොමැති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version