අරනායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ තරුණ පියකු ගොඩිගමුව අම්බලමේ දී සිය දරු දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර ඔහුත් දිවි නසා ගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මරා දමා ඇත්තේ වයස අවුරුදු හයක සහ අවුරුදු නවයක දරුවන් දෙදෙනකු බව පොලිස් ආරංචි මාර්ග කියයි.

පවුල් ආරවුලක් මත මෙම ඝාතන සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙසේ මරා දමා ඇත්තේ ත්‍රිත්මි කරුණාරච්චි නව හැවිරිදි සහ දෙනුවන් කරුණාරච්චි හය හැවිරිදි වියේ පසුවන්නන් බවත් ඝාතනය කළ බවට සැකකර පියා තිස්තුන් හැවිරිදි වසන්ත කරුණාරච්චි යන අයගේ සිරුර ගොඩිගමුව අම්බලමේ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version