දිවයිනට පැමිණි Yuan Wang-5 චීන පර්යේෂණ නෞකාව යළි අද (22) දිනයේ චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

පස්වරු 4.00 ට යළි චීනය බලා පිටත්ව යාමට නියමිත එම නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය වෙත පැමිණි අතර එය අද දිනය දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර හිමි වුණා.

නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණෙන බව දැනුම්දීමත් සමඟ ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර පසුව යළිත් අදාළ නෞකාවට හම්බන්තොට වරාය වෙත පැමිණිමට අවසර ලබාදී තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version