කුඹුක්ගැටේ – බන්නැක්ගම නැලව මාර්ගයේ කුඹුක්වැව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

ඊයේ (27) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ නෙරියාව, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි. 

බන්නැක්ගම දෙස සිට නැලව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරක් සිදුව ඇත.

අනතුරින් පැදිකරුකරුවන් දෙදෙනා, පසු පැදිකරුවන් දෙදෙනෙකු හා කුඩා දරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හිරිපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එක් පැදිකරුවෙකු මියගොස් තිබේ.

කුඹුක්ගැටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share.
Leave A Reply

Exit mobile version