පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ ඇතිවූ ජල කාන්දුවක් හේතුවෙන් එහි තිබූ කෘති විශාල සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.
කෞතුකාගාරයේ නියෝජ්‍ය පරිපාලක ෆ්‍රැන්සිස් ස්ටයින්බොක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කෞතුකාගාරයේ කෘති 300 වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර හානි වූ කෘති සම්බන්ධයෙන් අඛණ්ඩව ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින බවත්ය.
මෙම ජල කාන්දුවට හේතුවූ ගැටළුව වසර ගණනාවක් පුරා තමන් දැන සිටි බවත් මෙහි අලුත්වැඩියා කටයුතු එළැඹෙන වසරේදී සිදු කිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහු මාධ්‍යට පවසා තිබේ.
කෙසේ නමුත් එම අලුත්වැඩියා කිරීම් කටයුතු සිදු කිරීමට පෙරම ජල කාන්දුව සිදුවීමෙන් කෞතුකාගාරයේ කෘති රැසකට හානි සිදුව ඇත.
